Sunday, September 13, 2015

විවාහය


                                        විවාහය
විවාහය යනු මානසිකව එකිනෙකා කෙරෙහි අන්න්‍යෝන්‍ය  වශයෙන් බැදී විවාහ ධර්මතාවන් රකිමින් ප්‍රජාව බිහිකර පෝෂණය කිරීමේ ඒකකයයි.

සාම්ප්‍රදායිකව  අප සමාජයේ විවාහයක් සිදුකිරීමට ප්‍රථමයෙන් බෙහෝ දෙනෙක් විවාහ යෝජිත දෙදෙනා හමුවීමට ප්‍රථමයෙන් හදහන් ගැලපීමක් වැඩිහිටි දෙමාපියන් විසින් සිදුකරනු ලබයි.( බෞද්ධ හා හින්දු ආගමට අයත් අය ) මෙහිදී දෙදෙනාගේ හදහන් දෙක ජ්‍යොතීර්වේදියකු ට ඉදිරිපත් කර මෙම හදහන් දෙක ගැලපේ දැයි විමසනු ලැබේ.

  මෙහිදී ඔහු විසින් බොහෝ විට කරනු ලබන්නේ පාපී කේන්දරයක් නම් එයට ගැලපෙන පාපී කේන්දරයක් ලැබුනහොත් එය ගැලපෙන බවත් පාපී නොවන කේන්දරයකට පාපී කේන්දරයක් නොගැලපෙන පවත් පැවසීමයි.
(පාපී කේන්දර වශයෙන් ශනි මංගල යෝග , භෞම දෝශ හෙවත් කුජ දෝශ ,වෛදව දෝශ ඇති ඒවා ගනේ)
මීට අමතරව පොරොන්දම් 20 ක්  ගලපා ඉන් වැඩි ප්‍රමානයක් ගැලපේනම් සුදුසු බව ද  පවසයි.

  අද ලාංකීය සමාජයේ විවාහ වූ බොහෝ දෙනෙක් ඉහත ආකාරයට සියල්ල නිවැරදිව ගලපා විවාහ වූ අය වෙති. නමුත් ගැටළුව ඇත්තේ මොවුන් සියළු දෙනාගෙන් ඉතා සතුටින් සමගියෙන් විවාහ ජීවිතය ගතකරන්නේ කීයෙන් කී දෙනෙක්ද යන්නයි?  මෙසේ විවාහ 
දික්කසාදයෙන් වෙන් වූ ඒවා 

 දික්කසාද නොවී හුදකලාවේ ජීවත් වන අය හා

දරුවන්ට අයහපතක් වන නිසා බුද්ධියෙන් විමසා බලා නිහඩ ජීවිතයක් ගතකරන අය අද සමාජයේ අනන්තවත් දැකිය හැකිය.

 මෙම ලිපිය කියවන ඔබ විවාහක අයකු නම් (විශේෂයෙන්ම හදහන් සියල්ල නිවැරදිව පරීක්ෂා කර බලා විවාහ වූ ) ඔබගේ හදවතට මේ මොහොතේ එන සිතුවිල්ල කුමක්ද?

විවාහ ජීවිතය තුල

  1. ලිංගික සතුට තිබීම
  2. සුහදතාවය හා විශ්වාසය තිබීම
  3. පරිත්‍යාග ශීලි බව හා ඉවසීම තිබීම
  4. එකිනෙකා තේරුම් ගැනීමෙ හැකියාව තිබීම
  5. ක්ෂණික ආවේග පාලනය කරගැනීමේ ශක්තිය තිබීම ආදී වශයෙක් දෙදෙනා තුල තිබිය යුතු ගුණාංග වලින් කීපයකි.
ඉහත කාරනා සමබර කරගෙන සිටීමේ ශක්තිය ඔබට තිබේනම් ඔබ සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි.  නමුත්

 මෙය විසදා ගැනීම සදහා කර්ම විපාකයන්ගේ පළ අපට මේ ආත්මයේ දී ලැබෙන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත යුතු වෙනවා. මෙය දක්ෂ ජ්‍යොතීර් වේදියකුට පැවසිය හැකිය.

ඔබගේ හදහන විවාහය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට දුන්විට පළමුවෙන්ම කළ යුතුවන්නේ විවාහ ජීවිතය ගෙවන ආකාරය ගැන පරීක්ෂා කිරීම විනා විසෙන් විස නැසීමේ ක්‍රමවේදයට අනුව හදහනට ගැලපෙන හදහනක් සොයා දීම නොවන බව ඔබ දැනගත යුතුය.

ඔබගේ හදහන පරීක්ෂා කිරීමේදී (විවාහය පිළිබද) විවාහයට අදාල භාව වල

1 දේව බාදක තත්වයන්
2 ශාප තත්වයන්
3 මරණ කරකතත්වයන්
4 වාර චක්‍ර දෝෂ
5 බාධක ග්‍රහ තත්වය .......... ආදී වශයෙන් එම පුද්ගල කේන්ද්‍රයට අනුව විවාහ ජීවිතයට අදාල  ගැටළු සහගත තත්වයන් පවතීද යන්න හා එම කේන්දර හිමියා ගේ

·         අන්තර් පුද්ගල සබද තා පිළිබදව
·         කුමන ආකාරයේ විවාහයක්ද (අෂ්ට විධ විවාහ ක්‍රම වලින්)
·         විවාහය හා සහකරු / සහකාරිය ගේ මූලික ස්වරූපය හා මොවුන් අත්විදිනආකාරය .......  ආදී පුද්ගලයා හා බැදුණු ප්‍රකෘත්තිය ක්‍රියාත්මක වන ආකාරයත්

v  විවාහයේ මරණය (වෙන්වීම ,දික්කසාද වීම)
v  විවාහයේ පැවැත්ම
v  සම්බන්ධතා ස්වරූපය  ....  යන පුද්ගලයි හා බැදුණු ධර්මතාවයන්ගෙ ස්වභාවය ක්‍රියාත්මක වන ආකාරයත් විග්‍රහ  කර ගතයුතු වේ.

 මෙසේ  ගැටළු සහගත තත්වයක් පවතීනම් මුලින්ම එම ගැටළු නිරාකරණය කරගැනීමට අදාල නිවැරදී ශාන්ති කර්ම කිරීමට යොමු කළයුතුය. (බෝධි පූජා ,සෙත්කවි , දෙවියන්ට බාරහාර  වීම, බලු කපුටු දාන දීම............. ආදීය නොව)  

මෙසේ හදුනා ගත් බධාවන් ඉවත් කර ගත් පසු ඔහුට  හෝ ඇයට සාර්ථක විවාහ ජීවිතයක් පිළිබද බලාපොරොත්තු  සහගත තත්වයක් අත්විදිය හැකි වේ.

දැනට විවාහය ප්‍රමාද අයකු මෙය කියවූවානම් විවාහය ප්‍රමාද වීමට හේතුව ඉහත ආකාරයේ කරුනක්ද කියා පරීක්ෂා කර බලවා ගන්න. ඔබට ගැලපෙන වා යැයි දුන් හදහන් වලට අදාල පාර්ශවයක් සමග අදහස් හුවමාරු කර ගෙන විවාහ තීන්දු ගෙන තිබියදීත් ඒවා කඩාකප්පල් වූවානම් අනිවාර්‍යයෙන්ම ඉහත ආකාරයේ දෝස සහිත හදහනකි . පරීක්ෂාකර බලා එයට නියමිත ශාන්තිකර්ම කරවා ගෙන බාධක තත්වය මගහරවා ගන්න.

ඔබ දැනට විවාහ වී නමුත් ඉහත ආකාරයේ බාදක තත්වයක්වම් එම බාදකයන්ට අදාල ශාන්ති කර්ම කරවා ගන්න .
 මෙම ලිපිය අන් අයටත් හැකි පමන කියවීමට ඔබට හැකි දායකත්වය ලබා දෙන්න.

               ඔබට සාර්තක විවාහ ජීවිතයක් ගත කිරීමට සියළු ශක්තිය         ධෛර්යය ලැබේවා.
                         සරණ ජ්‍යොතීෂ සේවය 

 වැඩි දුරටත් මෙය අධ්‍යනය සදහා 
 http://kendaralk.blogspot.com  වෙත පිවිසෙන්න

No comments:

Post a Comment